2012 පැවති ඔයාමඩුව දැයට කිරුළ වැඩසටහනට සමගාමීම කාපට් අතුරන ලද සෙට්ටිකුලම - තන්තිරිමලේ ඔයාමඩුව ප්‍රධාන මාර්ගය වසර තුනකට පසු කාපට් ගැලවී විශාල වලවල් සැදී තිබෙන අයුරු දැකිය හැක.
වර්ෂාව නිසා මාර්ග තවත් අබලන්වී රියදුරන් දැඩි අපහසුතාවයකට පත්වී ඇත. බ්‍රහස්පතින්දා සවස මෙම මාර්ගයේ ගමන් කළ අහාර ද්‍රව්‍ය සතොසට අයත් කන්ටේනර් රථයක් මෙම මාර්ගයේ මැද විශාල වලක වැටී එරී තිබුණු අයුරු දක්නට ලැබිණි.
මේ දින වල පවතින වර්ෂාව සහිත කාලගුණික තත්වයක් නිසා විල්පත්තු අභය භූමිය හරහා තිබෙන පුත්තලම මන්නාරම් ගමන් කිරීමට නොහැකි නිසා ජනතාව විකල්ප මාර්ගයක් ලෙස මෙම මාර්ගය යොදාගනිති. දැයට කිරුළ වැඩසටහන යටතේ කිසිදු ප්‍රමිතියකින් තොරව මාර්ගය ඉදිකිරීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවට ජනතාව චෝදනා කරති.
පොසොන් සමයේ තන්තිරිමලේ රජමහා විහාරය වැඳ පුදා ගැනීමට පැමිණෙන ජනයාට අපහසුතාවයක් ඇතිවිය හැකි බැවින් කඩිනමින් මෙය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

