මීළඟ දැයට කිරුළ ප්‍රදර්ශනය වැලිගම කොටවිලවත්තේ හා මාතර වැල්ලවඩම මහින්ද රාජපක්ෂ විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වීමට තීරණය කළ බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (09) මාතර දිසා ලේකම් කාර්යාලයයේ රාජ්‍ය නිලධාරීන් සමග පැවැති රැස්වීමකදී ප්‍රකාශ කළේය.
කොටවිලවත්තේ අක්කර 47කි. මහින්ද රාජපක්ෂ විද්‍යාලයයේ අක්කර 24කි.
දැයට කිරුළ ස්ථාන දෙකක දී පවත්වන පළමු අවස්ථාව මෙයයි.
රුහුණ සරසවිය දැයට කිරුළ සඳහා තෝරා නොගත්තේ ප්‍රධාන මාර්ගය අවහිර වන නිසා යැයි ද ඇමැති කීවේය.
දැයට කිරුළ එහි නොපවත්වන ලෙස සිසුහු විරෝධතා පැවැත්වූහ. ඊට එරෙහිව ප්‍රදේශවාසීන් පැවැත්වූ උද්ඝෝෂණයට නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය සහාය දුන්නේය.

