දැයට කිරුළ හිටපු ලොක්කි අපේක්ෂිත ඇප ඉල්ලයි


අම්පාර දැයට කිරුළ හිටපු ප්‍රධාන විධායක හා අතිරේක ලේකම්වරියක වන කාන්ති ගුණවර්ධන අපේක්ෂිත ඇප අයදුමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට අද ඉදිරිපත් කළාය.

දැයටකිරුලේදී සිදුවීයැයි කියන රුපියල් හාරකෝටියකට ආසන්න මුදල් වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලීසිය ඇය අත්අඩංගුවට ගැනීමට සැරසෙති.

රහස් පොලීසිය අධිකරණයට දැන්වූයේ අමාත්‍යංශ ලේකම් එච් එම් ගුණසේකර මහතාගේ පැමිණිල්ලක් මත එම මුදල් වංචාව පිළිබඳ රහස් පොලිස් පරීක්ෂණ ඇරැඹූ බවයි.