දැයට කිරුළ ලොක්කී රහස් පොලීසියට යවයි


අම්පාරේ පැවති දැයට කිරුළේදී රුපියල් ලක්ෂ 390ක් වංචා කළැයි කියන ප්‍රධාන විධායක නිලධාරිනියට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේ රහස් පොලීසියට ප්‍රකාශයක් කරන ලෙසයි.

තමන් අත්අඩංගුවට ගැනීමට යතියි කාන්ති ගුණවර්ධන නම් එම ප්‍රධාන විධායක නිලධාරිනිය විසින් ඉදිරිපත් කැරුණු අපේක්ෂිත ඇප අයදුම්පතක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව යමින් මෙම මුදල් වංචා කර ඇතැයි රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.