අම්පාරේ දැයට කිරුළ ප්‍රදර්ශනයේදී රුපියල් තුන්කෝටි අනූ ලක්ෂයක් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාගේ ප්‍රකාශ උපදෙස් පතා නීතිපතිට යොමු කළ බව රහස් පොලිසිය කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැන්වීය.
දැයට කිරුළ 2013 හිටපු ප්‍රධාන විධායක නිලධාරිනී සහ විදුලි සංදේශ අමාත්‍යංශයේ අතිරේක ලේකම් කාන්ති ගුණවර්ධන සහ ඉදිකිරීම් සමාගමක අයිතිකරු වන සරත්චන්ද්‍ර ඒකනායක සැකකරුවෝය.
ඔවුහු ලබන 31වැනිදා තෙක් යලි රිමාන්ඩ් කරනු ලැබූහ.
දැයට කිරුළ භූමියේ වැසිකිලි සෑදීම සඳහා වන ‘රන්සර කන්ස්ට්‍රක්ෂන්‘ යනුවෙන් පිහිටුවාගත් සමාගමේ දෙවැනි අයිතිකරු ලෙස සැකකරුගේ 17 හැවිරිදි පුතාගේ නම ද සඳහන් වන බවත්, මුදල් ගෙන ඇති නමුත් එකම වැසිකිළියක්වත් හදා නැති බවත් ටෙන්ඩර් පටිපාටිය නොසලකා මුදල් දී ඇති බවත් උසාවියේදී කියැවිණි.