දැන්වීම් පුවරුව කොල්ලකරුවන්ට අත දෙයි


මතුගම පෞද්ගලික ලීසිං සමාගමේ සීසීටීවී ආරක්ෂක කැමරා සවි කර ඇතත් කාරේ ඇති දැන්වීම් පුවරුවලින් එම කැමරා දර්ශන පථය අවහිර වීම නිසා අද සිදුවූ රුපියල් පනස් ලක්ෂයේ කොල්ලය සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ වැදගත්ම සාක්කිය අහිමි වී ඇතැයි පොලිසිය කියයි.

පසුගිය මාස හයේ දී මේ ස්වරූපයේ කොල්ලකෑම් හයක් කළුතර දිස්ත්‍රික්කයේ සිදුවී ඇතත් (මතුගම 02, බේරුවල 01   දකුණු කළුතර 01 ඇතුළුව) සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත.