"සෙන්ඩිග්‍රේඩ්" සංගීත කණ්ඩායමේ ගී නිර්මාණවල රැප් ගායනයෙන් දායකවන ඔහු අමිල නිරෝෂනය. වර්තමාන ගී නිර්මාණ ගැන ඔහු දැක්වුයේ මෙවන් අදහසකි. හොඳ නිර්මාණ බිහිවෙනවා. ඒ අතර ගුණාත්මක බවෙන් අඩු නිර්මාණ රූපවාහිනියෙන් හා ගුවන් විදුලියේ ප්‍රචාරය වෙනවා. අන්තර්ජාලයේ ප්‍රචාරය වෙනවා. මේ මාධ්‍ය තුනේම නිර්මාණ ප්‍රචාරය වෙනවා. ගුවන් විදුලියේ හා රූපවාහිනියේ අහන්න දකින්න තිබෙන නිර්මාණවල ඒකකාකාරී බවක් තිබෙනවා. ඒකට හේතුත් තියෙනවා.
දැන් විවිධත්වය අඩුයි. අපි මීට කාලෙකට කලින් කළ නිර්මාණ බලන කොට අපිටත් හිතෙනවා නිර්මාණයක් කරන්න. 1998 වගේ කාලේ අපි ආසාවට රැප් කරනවා. එහෙම කරන නිර්මාණ බලනවා. අපි අන්තර්ජාලයෙන් නිර්මාණ බලනවා. ජවන තරගයක් ගත්තත් පළවෙනියා දුවද්දී දෙවනියා තමයි එයාට ජයග්‍රහණය කරන්න උදව් වෙන්නේ.
ඒ වගේ කම්පිටිෂන් කියන දේ තිබ්බා. මම සහ සෙන්ටිග්‍රේඩ් ගැන කතා කළොත් ගීත ඉස්සර තරම් නිර්මාණය වෙන්නේ නැහැ. නිර්මාණ කළා. අපි බලන කොට අපේ ඇඟේ තියෙන නිර්මාණය නෙමෙයි සමාජයට එන්නේ.අද ක්ෂත්‍රයට එද්දී තමන් කාවද ආදර්ශයට ගන්නේ. ඔහු අධ්‍යයනය කළ යුතුයි. ප්‍රසිද්ධ වෙන හැමදේම හරි නැහැ. ප්‍රසිද්ධිය නෙමෙයි සාර්ථකත්වයයි බලන්න ඕන. ස්ථාවර වෙලා ඉන්න අය බලන්න ඕන. තමන් වෘත්තීය මට්ටමෙන් කරනවා නම්, මුදල් හොයන ක්‍රමය ගැන අවබෝධයක් තියෙන්නත් ඕන. හදාරන අතරෙම තමන්ගෙ ස්කිල් එකක් ගොඩනගා ගන්නත් අවශ්‍යයි. ඒක අනිවාර්යයි.
නිදුක් මදුෂික/ජායාරූප මිහිර බණ්ඩාර



