දැනගෙන ගියොත් මහ පාරේ : නින්ද ගියොත් රේල් පාරේ


බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේදී ගාලු පාරට සමාන්තරව පිහිටි දුම්රිය මාර්ගය දිගේ මීටර් 50ක් පමණ ගිය වෑන් රථයක් සොයා ගත් බව පොලිසිය කියයි.

අලුත්ගම දර්ගා නගරයේ සිට වෙසක් සිරි නරඹා එන අතරතුර රියදුරුට නින්ද යාමෙන් මෙසේ වෑන් රිය දුම්රිය පාරදිගේ ධාවනයවී ඇතැයිද එහි කුඩා ළමුන් ඇතුළු  15 දෙනෙක් පමණ ගමන්ගත් බවටද පොලිසිය සැක කරයි. ඒ මෙහොතේ දුම්රියක් නොපැමිණීම නිසා සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වාගත් බවද පොලිසිය සඳහන් කරයි.

මේ හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ ගමන්ගන්නා දුම්රිය කිහිපයකට අද (4) පැයක පමණ ප්‍රමාදයක් ද සිදුවිය. වෑන් රථයේ රියදුරු දැනට පොලිසියේ රඳවාගෙන ඇතැයි පොලිසිය පවසයි.