(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
දැදුරු ඔයේ සිදුවු දැවැන්ත වැලි ජාවාරම නවතා දැමිමට ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් නියෝග තුට්ටුවකට මායිම් නොකර නැවතත් වැලි ජාවාරම ආරම්භ කර ඇති බව බංගදෙණිය මිහිසර පරිසර සංවිධානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියකින් දන්වා සිටී.
දේශපාලන හයියෙන් ක්‍රයාත්මක වන මෙම වැලි ජාවාරම නවතා දැමීමට වහාම නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඔව්හු ඉල්ලා සිටිති.
බංගදෙණිය මිහිසර පරිසර සංවිධානය ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සදහන් වන්නේ 2006 වසරේ ශ්‍රෙෂ්ඨාධිකරණයේ නඩු අංක SCFR 226 / 2006 යටතේ ගොනු කර තිබු නඩුවේ පලමු වගඋත්තරකරු ලෙස එවකට පරිසර අමාත්‍ය ධුරය දැරූ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කර තිබු බවයි.
මේ වන විට වයඹ පළාත් පරිසර අධිකාරිය සම්පුර්ණයෙන් මෙම කටයුත්තෙන් ඉවත්ව ඇති බවත් එයට අතරව පළාතේ පරිසර සුරැකිමේදි වයඹ පළාත් පරිසර අධිකාරිය දුෂිතව රාජකාරි වල නිරත වන බවත් එම නිසා වයඹ පළාතේ පරිසර කටයුතු මධ්‍යම පරිසර අධිකාරයට භාර දිමටත් පොලිසිය නිතිය ක්‍රියාත්මක නොකිරිම පිළිබදව සොයා බලන ලෙසත් මිහිසර පරිසර සංවිධානයේ ලේකම් එම් .ජේ .ඩයස් මහතා එම ලිපියෙන් ඉල්ලා තිබේ .



