දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දහයම සම්පූර්ණයෙන් ඔසවා ඇති නිසා පහළ නිම්නයේ වැසියන් දැඩි සෙවිල්ලෙන් සිටිය යුතු බව කුරුණෑගල මහ දිසාපති එච්.එම්.පී හිටිසේකර මහතා කියයි.
තත්පරයට ඝන අඩි 65,000ක් දැන් නිකුත් කරන බවත් කොබෙයිගනෙන් පහළ පෙදෙස්හි ගංවතුර වැඩි විය හැකි බවත් දිසාපති පවසයි.
දැනට පවුල් 1317ක 4800කට වැඩි පිරිසක් අවතැන්වී සිටිති. මාවතගම පවුල් 350ක් පමණ උන්හිටි තැන්වලින් ඉවත්ව සිටින බවත් මීට පෙර මාවතගමට ගංවතුර නොගැලූ බවත් වැසියෝ කියති.

