කඳාන හපුගොඩ ජී ඩී සඳලි නෙත්මිණි (15) දැරිය පසුගිය 21 වැනි දා සිට ආගිය අතක් නැතැයි ඇගේ මව කඳාන දකුණු බටගම රේණුකා ප්‍රියංගනී මහත්මිය කඳාන පොලිසියට පැමිණිලි කළාය.
තම දියණියගේ වයස අවුරුදු 15ක් වුවත් පෙනුමෙන් ඇය ඊට වැඩි වයසක් පෙන්වන බවත්, ඇය අපොස සාමාන්‍යපෙළ විභාගයට ද පෙනී සිටි බවත් ඇය කියන්නීය.
කඳාන පොලිසියේ ස්ථානාධිපති චන්දිමාල් විජේසිංහ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක සෙව්වන්දි මහත්මිය පරීක්ෂණ පවත්වන්නීය.
මේ සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් උසාවියට ද වාර්තා කර ඇතැයි පොලිසිය පවසයි.
තම දියණිය සොයා ගැනීමට උදව් කරන්නැයි ඇය ඉල්ලීමක් කරන්නීය. ළඟම ඇති පොලිසියට හෝ 072 34 74 579 අංකයට තොරතුරු දන්වන ලෙස ද ඇය ආයාචනය කරන්නීය.


