දාරක ප්‍රේමයක මහිමය


මානසික රෝගයකින් පෙළෙන තම පුතා  11 වසරක් තිස්සේ  යකඩ කූඩුවක රදවා  රැක බලා ගන්නා  මවක් ගැන චීනයෙන් වාර්තා වේ.

 අනුවේදනීය කතාවක් වු  මෙහි  මව ඉතාම අසරණ  දුප්පත් මහලු කාන්තාවකි. ඇගේ වයස  අවුරුදු 74කි. පුතාගේ වයස අවුරුදු 40 කි.ජීවත් වන්නේ චීනයේ ජියැන්සි  ප්‍රදේශයේය.

 මානසික රෝගය උත්සන්න වීම නිසාම ඔහු අතින් අනෙක්  ප්‍රදේශයේම 13 හැවිරිදි  දරුවෙක් මරණයට පත් විය. ඔහු මානසික රෝගියකු නිසා  නඩු විභාගයේදී නිදහස් කැරිණි.

මවට ඔහු සමඟ ජීවත් වීමටද නොහැකිය. තම එකම දරුවා නිසා ඔහු අතහැර දැමීමටද නොහැකිය. ඒ නිසා   ඇයකම්මල්කරුවකු ලවා කූඩුවත් තැනෙව්වාය.

 සිය පුතා වන  යුවැන්හෝ එහි රඳවා  වසර 11 තිස්සේ  ඔහු රැක බලා ගන්නීය. ඔහු වැසිකිළි යන්නේත් මේ වැසිකිළියේමය. ස්නානය සදහා පමණක් එළියට ගනී. ඒ දෑතට දෙපයට විලංගු දැම්මේය.

 උදේ ,දවල්, රෑ  කෑම වේල මව ඔහුට දෙන්නීය. එසේ කෑම දෙනු ලබන සෑම වේලාවකමදීම ඇය හඩා වැළපෙනීය. දැන් මට අඬන්න කදුළුත් නෑ. එච්චරටම මං මේ වයසට  අඩලා තිබෙනවා ඇය පවසන්නීය.