දායකයාගේ පුතා පන්සල කඩන්න දායක වේ


හොරණ පොකුණුවිට බෝධිරත්නාරාමයේ වාලම්පුරි දෙකක්, ධාතු කරඩුවක් හා බුදු පිළිම වහන්සේ නමක් වසරකට  පෙර කොල්ල කෑ බව කියන තිදෙනෙක් _එම පන්සලේ දායකයකුගේ පුතෙක්, බුලත්සිංහල ව්‍යාපාරිකයකුගේ පුතෙක් හා මුල්‍ය ආයතනයක සේවකයෙක් _ කෝට්ඨාස අපරාධ විමර්ශන එකකය විසින් අත් අඩංගුවට  ගනු ලැබුහ.

 ඔවුන් ඒවා  විකිණිමට  ගත් උත්සහය අසාර්ථක වු බවත්  පැහැරගත් භාණ්ඩ වලින් කොටසක්  පන්සල් වත්තට  දමා තිබිය දී ඒ දිනවල ද ඉතිරිය අද (13) ද සොයා ගත් බවත් පොලිසිය පවසයි.

ඝංඝාවාසයේ දොර කඩා හිමි දෙනමකට  පහර  දී  සර්වඥ ධාතුන් දෙනමක් ඇතුළු භාණ්ඩ පැහැර ගෙන ගිය වෑන් රිය ද අත්අඩංගුවට  ගෙන ඇත.

simg DSC01298[1] DSC01305[1] DSC01314[1] vlcsnap-2015-11-13-11h25m05s149[1]