දානෙ ගෙදර විසි ලක්ෂය උස්සලා උසාවි යයි


දානෙ ගෙදරකට ආ පුද්ගලයකු එහි බෑගයක තුබූ රුපියල් විසි ලක්ෂයක් සොරකම් කරගෙන ගියැයි කියන සිද්ධියක් ලංකා ජයරත්න වත්තල මහේස්ත්‍රාත්වරිය ඉදිරිපිට දී අද විභාගයට ගැනිණි.

වත්තල මාබෝලේ යැස්මින් මීරා පැමිණිලිකාරියයි.

2012 මැයි 19 වැනි දා සැකකාර ෆාතිමා රුෂ්පා, ඉසදීන් මොහොමඩ් සමග නීතීඥවරයකුගේ ගෙදරට ගොස් රුපියල් විසි ලක්ෂය රැගෙන ආ බවත්, සැකකාරිය මුදල් තිබූ කාමරයට කිහිපවරක් යනු දුටු බවත්, අවසන් වර එද්දී බෑගයක් ද රැගෙන ආ බවත් යැස්මින් මීරා සිය සාක්කියේ දී පැවසුවාය.

පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු මුදලින් කොටසක් ගෙවීමට පොරොන්දු වූ බවත්, ඉතිරිය පසුව ගෙවීමට පොරොන්දු වී එය කඩ කළ බවත් ඇය කීවාය.