දා හතරේ දැරියට අසභ්‍ය ඡායාරූප යැවූ ගුරා අල්ලයි


(දයාරත්න ඇඹෝගම)

තඹුත්තේගම නගරයේ පිහිටි ප්‍රධාන පාසලක 14 හැවිරිදි පාසල් සිසුවියකට සිය ජංගම දුරකතනයෙන්  ‘වට්ස් අප්’ හරහා අසභ්‍ය ජයාරූප යවන ලද බව කියන එම පාසලේම ගුරැවරයෙකු අත්අඩංගුවට ගත්බව තඹුත්තේගම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම,මලියදේවපුර පදිංචි 44 හැවිරිදි විවාහක ගුරැවරයෙකි.

මෙම පුද්ගලයා 08 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි දැරියකට ‘වට්ස් අප්’ හරහා අසැබි දසුන් එවන බවට දැරියගේ දෙමාපියන් විසින් සිදුකළ පැමිණිල්ලක් මත සැකකරැ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පාසල් ගුරැවරයා අද (31)අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.