(නිරංගි අබේවික්‍රම සහ ඉන්දිකා රාමනායක)
කොළඹ අවට ද්‍රවිඩ පාසල් සිසුන් 11 දෙනකු 2006 දී පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට සැකපිට නාවික හමුදාවේ කොමදෝරුවරයකු හා සුළු නිලධරයකු අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සිද්ධිය සම්බන්ධ ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සැකකරුවන් කැඳවා සිටි අතර එහිදී ඔවුහු අත්අඩංගුවට පත්වූහ.

