ද්විත්ව පුරවැසි වගන්තියත් තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මතයි


(බන්දුල ඉලේපෙරුම)

20වැනි සංශෝධන කෙටුම්පතෙහි ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ 17වැනි වගන්තිය වෙනුවෙන් විපක්ෂ මන්ත්‍රීවරු ඡන්දයක් ඉල්ලා සිටි අතර ඒ සඳහා පක්ෂව මන්ත්‍රීවරු 157 ක්ද, විපක්ෂව මන්ත්‍රීවරු 64 ක්ද ඡන්දය ලබාදුන්හ.

ඡන්දය විමසන අවස්ථා දෙකෙහිදීම හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සභා ගැබේ නොසිටියේය.