ද්විත්ව පුරවැසි බව යළිත්


තාවකාලිකව නතර කර තිබූ ද්විත්ව පුරවැසි භාවය ලබා දීම නව ක්‍රමයක් යටතේ අද (31) සිට යළි ඇරැඹූ බව ආරක්ෂක අමාත්‍යංශයේ සිවිල් ආරක්ෂක හා සංවර්ධන අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය කීවාය.

නව ක්‍රමයෙන් ශ්‍රී ලාංකිකයන්ට සෘජුවම ද්විත්ව පුරවැසි බව ලබා ගත හැකි බව ද ඇය පැවසුවාය.