
(අංජුල මහික වීරරත්න)
ව්‍යසනයෙන් පසු ජන ජීවිතය සහ රට යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ප්‍රශංසනීය වන අතර ඊට සිය ආශිර්වාදය පළ කරන බවත් මල්වතු, අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමිවරු පැවසූහ.
මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නා හිමි වරු සහ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථවේදී මේ බව සඳහන් කළහ.
මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ සහ යළි පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය.
ජනතාව නැවත පදිංචි කිරීම් කටයුතුවලදී දළදා මාළිගාවෙන් ලබා දිය හැකි දායකත්වය පිළිබඳ මෙහිදී දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරනු ලැබීය.
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව විසින් ‘Rebuilding Sri Lanka’ අරමුදල වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක්ද මෙහිදී පිරිනමන ලදී.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

