(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
මේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇති දළදා දැක්ම අප්‍රේල් මස 18 සිට 27 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන්ගේ එකඟතාවයවය පරිදි මෙම දින නියම කර ඇත.
පළමු දිනයේදී දළදා දැක්ම සවස 3.00 ට ආරම්භ වීමට නියමිත අතර සෙසු දිනවලදී දහවල් 12.30 සිට සවස 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී දළදා මාලිගාවේ පිහිටි ඒ මහතාගේ නිල කාමරයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අද දහවල් ඒ බව ප්‍රකාශයට පත් කළේය.