ගල්ගමුව ‘දලපූට්ටුවා‘ ඇතාට වෙඩි වැදී ඇතැයි ගල්ගමුව බුල්නෑව හේන්වලගම ප‍්‍රදේශවාසීහු කියති.
දැනට සතිදෙකක කාලක් ආසන්නව දකුණුපස ඇස සහ හොඬවැල ආසන්නයේ තුවාල සලකුණු දැක ගත හැකියැයි ඔවුහු පවසති.
මේ පිළිබඳව ගල්මුව වනජීවී නිලධාරීන්ද සොයා බැලීමක් සිදුකරන බව එම කාර්යාල ආරංචි කියයි.






