දහසක් නෙත් සුවපත් කළ


කොළඹ ජාතික අක්ෂි රෝහලේ වසර 32 ක් සේවට කර විශ්‍රාම ලැබු  අක්ෂි ශල්‍ය වෛද්‍ය චම්පා බානගල මහත්මියට උපහාර දැක්වීමට  රෝහල් කාර්ය මණ්ඩලය සංවිධානය කළ ඇගයුම් උත්සවයක් එම රෝහලේදී පැවැත්විණි.

චම්පා බානගල මහත්මියගේ 60 වැනි ජන්ම දිනයද අදට යෙදී තිබිණි.

ඇයගේ සැමියා වන විශේෂඥ වෛද්‍ය උපාලී බානගල ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල ,ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විල්ෆ්‍රඩ් කුමාරසිරි,ජ්‍යෙෂ්ඨ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චරිත් ෆොන්සේකා  යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගී වුහ.