දහ දාහක් දකුණු කොරියා මූදට යති


දකුණු කොරියා රජය ශ්‍රී ලංකාවට ධීවර රැකියා දස දහසක් දී ඇති බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

2012 වසරේ දී කොරියා රජය සමඟ ඇති කරගත් එකඟතාවක් මත මෙම රැකියා හිමිව තිබේ.

කිසිදු මුදලක් අය නොකර ධීවර රැකියා සඳහා යවන බවත්, විශ්‍රාමිකයකුට රුපියල් 150000ත් 175000ත් අතර වැටුපක් හිමිවන බවත් ධීවර අමාත්‍යවරයා කියයි.

මෙම රැකියා කෝටාව යටතේ වරකට විසි පස් දෙනා බැගින් යවන බව ද ඇමැති කියයි.