දස වසරක දූෂණ ගැන පැමිණිලි 800ක්


වසර 10ක කාලයේ ලංකාවේ සිදුවූ වංචා හා දූෂණ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධානත්වයෙන් පිහිටැවූ දූෂණ විරෝධී පෙරමුණ කළ ඉල්ලීම අනුව අද (20) වන විට පැමිණිලි 800ක් පමණ ලැබී ඇතැයි එම පෙරමුණ කියයි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, සිරිලිය සවිය, ලංකා වානේ සංස්ථාව, ලක්සල සහ මිහින් ලංකා ආයතන සම්බන්ධ පැමිණිලි ද ඒ අතර වේ.

එම සියලු පැමිණිලි සම්බන්ධ තාක්ෂණික ක්‍රියාවලිය මේ වන විට කරගෙන යන බවත්, පැමිණිලි පහක් සම්බන්ධයෙන් අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට බාර දෙන බවත් දූෂණ විරෝධී පෙරමුණේ නිශාන්ත වර්ණසිංහ මහතා කියයි.