දස ලක්ෂයක පොකිරිස්සන් යළි යාල මුහුදට


පොකිරිස්සන් බිත්තර දමන හා වර්ධනය වන පෙබරවාරි, සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල පොකිරිස්සන් ඇල්ලීම තහනම්ය. එහෙත් තහනම් කාලය අවසන් වන තුරු පොකිරිස්සන් මුහුද මැද යකඩ කූඩුවල රඳවා සිටිය දී දක්ෂිණ නාවික හමුදාවේ ද සහායෙන් සොයාගත් බව හම්බන්තොට ධීවර පරීක්ෂක එල්.ටී.ජී. චන්දන මහතා කියයි. රුපියල් ලක්ෂ දහයක් වටිනා පොකිරිස්සන් 1350 ක් හම්බන්තොට මහේස්ත‍්‍රාත් නියමයෙන් යළි මුහුදට මුදා හැරිණි. යකඩ කූඩු හිමියන් සොයාගෙන නැත.