දස කෝටියක වල්ලා පට්ටා සිංහරාජයෙන් අල්ලයි


සිංහරාජයෙන් කපන ලදැයි කියන රුපියල් දස කෝටියක් පමණ  වටිනා වල්ලා පට්ටා තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අල්ලා ගත් බව පොලීසිය කියයි.

වලාන දූෂන මර්ධන ඒකකයේ  නිලධාරීන් කණ්ඩායමක් මුදලාලි වෙස්ගෙන  ගැණුම් කරුවන් ලෙස ගොස් මෙම වැටලීම සිදු කළේය.

වල්ලා පට්ටා ගසේ කොටස් ගෙන ගොස් ප්‍රංශය වැනි යුරෝපීය රටවල් අති සුඛෝපභෝගී මිල අධික සුවඳ විලවුන් වර්ගයක් සාදන බව වාර්ථා වෙයි.

කැකිරාවෙන්ද වල්ලා පට්ටා තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.