යෝධකණ්ඩියේ කාවන්තිස්ස ගමට දින පහකින් පානීය ජලය ලබා දී නැතැයි කියමින් ප්‍රදේශවාසීහු තිස්ස- කතරගම මාර්ගය හරස් කරගෙන විරෝධතාවයක් ඇරඹූහ.
පැයක් පමණ උද්ඝෝෂණය පැවැත්විණි.
බවුසර් මගින් අඛණ්ඩව ජලය සපයන බවට තිස්සමහාරාම පොලිසිය පොරොන්දු වීමෙන් පසු උද්ඝෝෂකයෝ විසිර ගියහ.