නව වසර උදා වීමෙන් පසු ඉකුත් පැය 48ක කාලයේ විවිධ ප්‍රදේශවල සිදුවූ මාර්ග අනතුරුවලින් 13 දෙනකු මියගොස් 23 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මොරටුව, දඹුල්ල, රත්නපුර අංගම්මන, අම්පාර මංගලගම, තංගල්ල, කරගම්පිටිය, මහරගම, කෙරලවැල්ල, බුත්තල, කොළඹ පංචිකාවත්ත සහ වැලිකඩ ප්‍රදේශවල මෙම අනතුරු සිදු වී ඇත. යතුරු පැදි ත්‍රිරෝද රථ අනතුරු සහ බස් රථ අනතුරු මෙම මරණ සහ තුවාල හේතුවී ඇත.

