ශ්‍රී ලංකාව කලාප හතරකට බෙදා උදේ 7.00 සිට දහවල් 12.30 දක්වාද පස්වරු 6 - 8 දක්වාද , දහවල් 12.30 සිට පස්වරු 6 දක්වාද පස්වරු 8 - 10 දක්වාද යළි දැනුම් දෙන තුරු විදුලිය කපන බව විදුලිබල මණ්ඩලය කියයි.
මේ අතර අද (15) නොරොච්චෝලේ විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසූයේ බදාදා (16) සවස හෝ බ්‍රහස්පතින්දා (17) පෙරවරුව වන විට විදුලි කප්පාදුව නතර කිරීමට පියවර ගන්නා බවයි.
විදුලි බල මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ විදුලිය කැපෙන වේලාවන් හා අදාළ ප්‍රදේශ දැක්වෙන සටහන මෙසේය.









