රුපියල් ලක්ෂ 50 ක පමණ ලැප්ටොප්, රූපවාහිනී, ඩීවීඩී හා රන් භාණ්ඩ සොරකම් කළැයි කියන තරුණයකු අධිකරණ නියෝගයකින් රඳවාගෙන මිරිහාන පොලිසිය ප්‍රශ්න කරයි. ඔහු කොළඹ නම ගිය පාසලක ආදි ශිෂ්‍යයකු බවත් පොලිසිය පවසයි.
කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පදිංචි කරුවකු වන මොහු ‘ලැප්ටොප් මල්ලී‘ නමින් හැඳින්වෙන බවත් මොහු සොරාගත් බව කියන භාණ්ඩ වනාතමුල්ල පැත්තේ මහල් නිවාසයක පිරිසකට තුට්ටු දෙකට විකුණා තිබියදී සොයාගත් බවත් පොලිසිය පවසයි.
මොහු ළඟ තිබී හෙරොයින් කුඩු ග්රෑම් 2 ක් ද සොයාගත් බව පොලිසිය කියයි. දවල් කාලයේ මොහු මේ සොරකම් කර ඇත.





