බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ඩේවිඩ් කැමරන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය දා කැරුණු ප්‍රකාශයට විරෝධය දක්වමින් කොළඹ ලිප්ටන් වටරවුමේ දී අද උද්ඝෝෂණයක් පැවැත්විණි.
යුද අපරාධ ගැන ශ්‍රී ලංකාව ඉක්මනින් නොපිරික්සතොත් එක්සත් ජාතීන්ගේ සංවිධනය හා එක්ව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන බවත් කැමරන් පවසා තිබිණි.
දවටගහ මුස්ලිම් දේවස්ථානයේ සිකුරාදා පූජාවට එක්වූ මුස්ලිම් බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්වූ අතර ඔවුන් සටන් පාඨ කියමින් ලිප්ටන් වටරවුමේ පැයකට අධික කාලයක් උද්ඝෝෂණය කළහ.