ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන්ට සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ශ්‍රී ලංකා මහා බෝධි සමාගමේ සභාපති බානගල උපතිස්ස හිමියෝ ඇරියුම් කළහ.
ඉන්දු - ශ්‍රී ලංකා බෞද්ධ භික්ෂූන් අතර නවදිල්ලි නුවර පැවති හමුවකදී මෙම ආරාධනය කර ඇතැයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත් වාර්තා කරයි.
ආරාධනය පිළිගනිමින් එතුමා පවසා ඇත්තේ ශ්‍රී දළඳා මාළිගය සහ ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීම ද ප්‍රාර්ථනය බවයි. නමුත් ඉන්දීය මාධ්‍ය පවසනුයේ දලයි ලාමා තුමා ශ්‍රී ලංකාවට පැමිණියහොත් එය ඉන්දු - චීන සබඳතාවලට බලපානු ඇති බවයි.

