ආතරයිටිස් රෝගයෙන් පෙළෙන බිරිඳ, වකුගඩු රෝගී දියණිය දරුවන් හතර දෙනෙකු සමග කුළී නිවසක ජීවත්වන පානදුර කෙසෙල්වත්තේ පියෙක් යන්නට ස්ථිර තැනක් හා ස්ථිර රැකියාවක් නැතිව ළතැවේ.
පානදුර කෙසෙල්වත්තේ අංක 673 ග‍්‍රාමසේවා වසමේ කරුණාරත්න මාවතේ පල්ලිය මුල්ල ගොරකාන පදිංචිවන සිටින මොහොමඞ් ෂරීෆ් මොහොමඞ් මර්සුය.
මර්සුගේ වැඩි මහල් දියණියට වයස අවුරුදු 14යි. ආර්ථික අඩුපාඩුකම් නිසා දහ වන ශ්‍රේණියෙදී ඇගේ අධ්‍යාපෙනය අඩාල විය. දෙවැනි දුව හය වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි. තුන්වන දියණිය පාසල් නොයන අතර ඇය වකුගඩු රෝගයකින් පෙළෙයි. බාලම දියණිය පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි.
මෙම පවුලට ස්ථීර නිවසක් නැත. එනිසා පානදුර කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ තැනින් තැනට යමින් කුලී නිවසක ජීවත් වෙයි. ස්ථිර ලිපිනයක පදිංචිව නැති නිසා රජය මගින් ලබාදෙන සමෘධි සහනාධාරය ලැබී නැත.
නම හා ගිණුම් අංකය
නම - මොහොමඞ් ෆලීල් මින්තුල් කයිරි
දුරකතන අංකය - 071 01 59 892
ඒ මහතාගේ බැංකුවේ ඇති අලුත් ගිණුම් අංකය මෙසේය.040035325749101 සෙලාන් බැංකුව ශාඛාව සරික්කාරිමුල්ල
කලින් සඳහන් කර තිබූ 040006882670_ /101. සෙලාන් බැංකුව ශාඛාව සරික්කාරිමුල්ල ගිණුම වසර 10 ක් අක්‍රියව පැවති නිසා බැංකුවෙන් අවලංගු කර ඇති බව කරුණාවෙන් සලකන්න.


