කුලියාපිටියේ පාසල් දරුවකුගේ පියා ස්වසන රෝගයකින් මිය යෑමෙන් පසුව එම දරුවාට ද මාරාන්තික රෝගයක් ඇතැයි පවසමින් තම දරුවා පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් කර නොගැනීම නිසා තම මුලික අයිතිවාසිකම් කඩව ඇතැයි සඳහන් කරන මවක් අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්,වයඹ පළාත් අධ්‍යපාන අධ්‍යක්ෂක ජේ.ජි.එන්.තිලකරත්න,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එ.එස්.කේ.ජයලත්,බෝ හන්දිය ප්‍රාථමික විදුහල,ඉලුක්හේන හා ශ්‍රීපති රාජකීය විද්‍යාලීය විදුහල්පතිවරු , අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, නීතිපති ඇතුළු පිරිසක් වගඋත්තරකරුවෝය.

