ලියුකේමියා රෝගී තත්ත්වය නිසා ඇට මිදුළු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයකට භාජනය කර සිටින පන්නිපිටිය ,දෙපානම, වීර මාවතේ , අංක 251 1/1 පදිංචි තිවිඳු අමරසේකර (18) සිසුවාගේ වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ආධාර ලබා දෙන්නැයි ඔහුගේ පියාවන යූ.ඒ.එස්.අමරසේකර මහතා පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි.
චෙන්නායි හි ඇපලෝ රෝහලේ වෛද්‍ය ටී.රාජා මෙම සැත්කම සිදු කළද මාස තුනකට වරක් නැවත එම රෝහලට ගොස් තම දරුවාට වැඩිදුර ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා වාර්ෂිකව ලක්ෂ 12 කට අධික මුදලක් වැය වෙන බවද අමරසේකර මහතා සඳහන් කරයි.
‘‘අපේ දරුවට පවතින්නේ ලියුකේමියා ඒ.එල්.එල් රෝගී තත්ත්වයි. 2001 දි දරුවට අවුරුදු පහක්ව තිබියදී තමයි අපි මුලින්ම මේ රෝගය දැන්ගත්තේ. මුලින් රිජ්වේ ආර්යා රෝහලෙන් ප‍්‍රතිකාර ලබලා පසුව මහරගම පිළිකා රෝහලෙන් ප‍්‍රතිකාර ලැබුවා. එහේ දවස් 11 කට පස්සේ චෙන්නායි ඇපලෝ රෝහලෙන් අවුරුද්දක් පුරා කිමෝ තෙරපි ප‍්‍රතිකාර ලැබුවා.2005 දි නැවති ලියුකේමියා රොගී තත්ත්වය උත්සන්න වූවා.එම වසරේ සිටි 2008 දක්වා චෙන්නායි අපලෝ රෝහලින් නොකඩවා ප‍්‍රතිකාර දරුවට ලබා දෙන්න මම කටයුතු කළෙ මගේ මුළු සේසතම විකුණලා.මම සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් මම සතුව පන්නිපිටිය කළල්ගොඩ මුද්‍රණාලයක් ,ඉඩකඩම් ,දේපළ ,යාන වාහන තිබුණා. ඒත් මේ සියලූ දේවල් වලට වඩා මට මේ දරුවා මහමෙරක්‘‘ යැයි ඔහු පවසයි.
සිය පුතණුවන්ගේ ප‍්‍රතිකාර කටයුතු සඳහා උදව් කළ හැකි පරිත්‍යාගශීලීන් සීටීනම් යූ.ඒ.එස්.අමරසේකර යන තම නමින් බත්තරමුල්ල කොමර්ෂල් බැංකු ශාඛාවේ 8290004444 දරණ බැංකු ගිණුමට එම ආධාර මුදල් බැර කරන්නැයි අමරසේකර මහතා ඉල්ලා සිටී. වැඩිදුර තොරතුරු 077‐9815755 යන දුරකථන අංකයෙන් ලබාගත හැක.