දරුවා සුව කරගන්න මාපියෝ ආධාර පතති


වවුනියාව මහකච්චකොඩිය පදිංචි මෙතුජ සත්සර රත්නායක (2) දරුවාගේ අක්මාවට විෂබීජයක් ඇතුළුවීම නිසා ඔහුට අක්මාවක් බද්ධ කිරිම සඳහා සැත්කමක් කළ යුතුව ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරු නිර්දේශකොට ඇත.

වසරකට අධික කාලයක් ප‍්‍රතිකාර කළද දරුවා සුව නොවූ බව දෙමාපියෝ කියති.

දිනෙන් දින දරුවාගේ තත්වය අයහපත් වන අතර මේවන විට උදරය ඉදිමී ශරීරයේ විවිධ ආසත්මිකතාවයන්ද ඇතිව තිබෙන බව ඔවුහු පවසති.

දරුවා සුවකිරීම සඳහා තෙමසක් ඇතුළත ඉන්දියාවේ චෙන්නායිහි ග්ලෝබල් රෝහලේදී සැත්කමක් සිදුකිරිමට නියමිත අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 70 මුදලක් අවශ්‍යවී ඇති අතර දරුවාගේ දෙමාපියන්ට එය සොයාගැනීම මහත් අසීරුතාවයක් බවත් දරුවා අසනීප වූ දිනයේ සිට කළ වියදම් හේතුවෙන් තමන්ගේ වත්කම් මේ වනවිට අහිමිව ඇති බවත් දරුවාගේ පියා රත්නායක මහතා ප‍්‍රකාශ කළේය.

ඒ සඳහා උපකාර කළහැකි අයකුවේ නම් දරුවාගේ පියාගේ නමින් පිහිටි මහජන බැංකුව , වවුනියාව ශාඛාවේ ආර්.ආර්.එන්.රත්නායක - 040-2-001-6-0056158 යන බැංකු ගිණුමට හෝ ලංකා බැංකුවේ බෝගස්වැව ශාඛාවේ 7114362 ගිණුමට මුදල් බැරකරන ලෙස දරුවාගේ දෙමාපියෝ ඉල්ලා සිටිති.

වැඩිදුර තොරතුරු තොරතුරු දැනගැනීම සඳහා 071-6464563  හෝ  076-6846213 දුරකථන අංක මගින් රත්නායක මහතා සම්බන්ධ කරගත හැකිය.

1262343233186

1262343234563

IMG_0208

IMG_0212Methuja-Sithsara-1 Methuja-Sithsara-TWM