දරුවා විකුණන්න ගිය ලක් අම්මා පිටුවහල්


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී උපන් තම නිවුන් දරුවන්ගෙන් එක් දරුවකු ඩිරාම් 2500කට (රුපියල් 99000) විකිණීමට තැත්කළැයි කියන ශ්‍රී ලාංකික කාන්තාවක පිටුවහල් කරන ලෙස එරට අධිකරණයක් නියෝග කර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි.

තමන්ට ලැබුණු දරුවන් දෙදෙනා දැඩි අසනීප තත්ත්වයේ පසුවූ බවත්, ඔවුන් නඩත්තු කිරීමේ ආර්ථීක හැකියාවක් නොමැති බැවින්  දරුවන් දෙදෙනාගේ එක් අයකු මෙලෙස මුදලට විකිණූ  බවත් කාන්තාව නඩු විභාගයේදී කියා ඇත.