දරුවා බේරාගන්න මාධ්‍ය මහ මෙහෙවරක් කළා


මීගල්ලෑවේ දී පැහැරගත් දරුවා බේරාගැනීමට මාධ්‍ය විශාල සහයෝගයක් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය. 

‘‘ දරුවා පැහැරගෙන ගියේ කප්පම් මුදලක් ගැනීමට. මේ බව දැන සිටියත් මාධ්‍ය ඉතාමත් වගකීමෙන් කටයුතු කරමින් ඒ බව වාර්තා කළේ නැහැ. විමර්ශන කටයුතු කරද්දී අපිට මාධ්‍යයට දීමට පුළුවන් වුණේ තොරතුරු වලින් කොටසක් පමණයි. මාධ්‍ය එය කීවානම් කප්පම් කරුවන් දරුවා මරා දැමීමට පවා ඉඩ තිබුණා. දරුවාගේ සීයා මවගේ තාත්තා ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙක් නිසා තමයි මේ කප්පම් ගැනීමට උත්සාහ කරලා තිබෙන්නේ. කෝටියක කප්පමක් ඉල්ලුවා. එය ලක්ෂ 35 දක්වා අඩුකර ගැනීමට හැකිවුණා. මාධ්‍ය මේ අවස්ථාවේ දැඩි වගකීමක් අරගෙන කටයුතු කිරීම හේතුවෙන් අපිට දරුවාගේ ජීවිතය බේරාගැනීමට හැකියාව ලැබුණා. ඒ නිසා විශේෂයෙන් ම එවැනි මාධ්‍ය ආයතනවලට මේ අවස්ථාවේ ස්තූති කළ යුතුයි. මෙය පොලිස් දෙපාර්තමේන්තුව පමණක් ලැබූ ජයග්‍රහණයක් පමණක් නොවෙයි.  “