පුත්තලම නගරයේදී අවුරුදු හතරක දරුවකු පැහැරගත්තැයි රිමාන්ඩ් භාරයේ සිට පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවන් දෙදෙනා සහ ඉන්දියන් ජාතිකයා ලබන 28 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා නියෝග කළේය.
අද පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සිද්ධියට සම්බන්ධ ළමයා පැහැර ගත් බව කියන් ප්‍රධාන සැකකාරිය සාක්කිකරුවෝ හඳුනා ගත්හ.
පැහැරගනු ලැබූ දරුවා වනාතවිල්ළුව නිවසක සගවා සිටි පුත්තලම නගරයට රැගෙන එමින් සිටියදී ඉන්දියන් ජාතිකයකු පුත්තලම පොලිසිය අත් අඩංගුවට ගත්තේය. පෙර අත් අඩංගුවට පත්ව සිටි ළමයා පැහැරගත් බව කියන ප්‍රධාන සැකකාරිය හා ඇගේ නැගණිය හා ප්‍රධාන සැකකාරියගේ සැමියා වන ඉන්දියන් ජාතිකයා මීට පෙර රිමාන්ඩ් කරනු ලැබ සිටියහ.