දින තුනක් වයසැති කුඩා දරුවකු රුපියල් තිස්පන්දහසකට විකිණී යැයි මව පියා සහ දරුවා මිලදී ගත් බව කියන 53 හැවිරිදි කාන්තාව ඇතුළු සිවු දෙනෙක් පුස්සැල්ලාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. පුස්සැල්ලාව වහුගහපිටිය රෝහලේ දී පසුගිය 15 වැනිදා ඉපැදුණු මෙම ළදරුවා මීගමුව නයිනමඩමේ කාන්තාවකට 18 වැනි දා අලෙවි කර ඇතැයි පුස්සැල්ලාව පොලිසිය කියයි.