දරුවා ගහේ බඳී: දිමි ගොටුත් දමයි


පාසල් නොගිය නිසා හත් හැවිරිදි දරුවකුට ගසක බැඳ  දිමි ගොටුවක්  ඇඟට හැළු බව කියන පියෙක් මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

දිමියන් කමින් සිටියදී  දරුවා බේරා ගත් බවත්  පහර දීමෙන් වු කැළැල් ඇයගේ  ඇඟේ තිබු බවත් පොලීසිය කියයි.

දැරිය රෝහල් ගත කරනු ලැබ සිටී.