දරුවන්ට දෙයියන්ගේම පිහිටයි


මාතලේ මාතලාපිටියේ පාසලකට  ප්‍රවාහන ඇමති  රෝහණ දිසානායක මහතා අද (11) උදේ  8.30 ට ගියේය.

ඔහු සිටියදී ගුරුවරු හය දෙනකු පාසලට ආහ. බසය පමා වීම නිසා පාසලට ඒම පමා වන බව ඔවුහු කීහ. බසය හැමදාම පමා වෙතියිද ඔවුහු  ඇමතිට කීහ.

එහෙත් අත්සන් කිරීමේ නාම ලේඛනයේ පැමිණි වේලාව වශයෙන් 7.30 සටහන් වී තිබිණි. උදේ 7.00 මාතලාපිටියට ලාගා විය හැකි බසයක්  පසුදා සිට යොදවන ලෙස ඇමැතිවරයා  ලංගමයට  ඔහු උපදෙස් දුන්නේය.