කොටගල වතු තුනක දරුවන්ගේ ළමා සෞඛ්‍ය වර්ධන සටහන් පොත් රාජ්‍ය නොවන සංවිධානයක් අනවසරයෙන් රැගෙන යාම නිසා සායනයට පැමිණි මව්වරුන් 150 කට පමණ නැවත හිස් අතින් යාමට සිදු විය.
රජය සතු එම ලියැවිලි රැගෙන ගිය ආයතනයට එරෙහිව නීතී මගින් කටයුතු කරන බව දිඹුල කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනිත් අබේගුණවර්ධන මහතා පවසයි.