(යොහාන් භාසුර)
පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා චක්‍රලේඛයක් අද (4) නිකුත් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා අදාල චක්‍රලේඛය නිකුත් කරන බවත් තරගකාරී අධ්‍යාපනයට සහ ශාරීරික සහ මානසික සෞඛ්‍යයට වැඩි බරකින් යුත් පොත් බෑගය බාධාවක් බවත් එම නිලධාරියා කීය.
දරුවන් වර්තමානයේ එහා මෙහා ගෙනයන පොත් බෑගය විශාල බරකින් යුක්ත වීම නිසා දරුවන් නිරන්තරයෙන් කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධවලට ගොදුරු වන බවත් ඒ හේතුවෙන් ඇතැම් දරුවන් සදාකාලිකව ආබාධිතයන් බවට ඉඩ ඇතැයි වෛද්‍ය වාර්තා සනාථ කර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.

