දරුවන්ගෙන් පහෙන් එකක් බර අඩුයි


වසරකට ලක්ෂ හතරක් පමණ දරුවන් උපත ලැබුව ද ඉන් පහෙන් එකක් පමණ නියමිත උපත් බරට වඩා අඩු බරකින් යුතු බව ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුනාතිලක මහතා පවසයි. ඉඳුරුවේ දී  ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් බෙදා දීමේ උත්සවයකට එක්වෙමින් ඇමතිවරයා මේ බව කීවේය.

‘‘අපි ගැබිණි මවකට රුපියල් 2000ක් වටිනා පෝෂණ මල්ලක් ලබා දෙනවා. මව්වරුන්ගේත් දරුවන්ගේත් පෝෂණය වැඩි කරන්නයි අප බලාපොරොත්තු වෙන්නේ. පක්ෂ පාට බේදයකින් තොරව සෑම මවකටම ගැබිණියක වී මාස හතරේ සිටත් දරුවකු බිහිකර මාස හතරක් අවසන් වනතුරුත් මේ පෝෂණ මල්ල ලබා දෙනවා. එය සියළු මව්වරුන්ට හිමිදෙයක්. “  

DSC_0271 DSC_0276