දරුවන්ගේ යහපත සුබ සිද්ධිය හා රැකවරණය වෙනුවෙන් සකස් කර තිබෙන දරුවන්ගේ අධිකරණ රැකවරණ පනත ළඟදිම ගෙන එන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ කෙටුම්පනතක් බවට සම්පාදනය කිරිම දැනට සිදු කරගෙන යන බවත් සඳහන් කළේය.
නඩුව පවතිද්දී ඔවුන්ගේ රැකවරණය සලසාදීම යන කාරණා සියල්ලක්ම මෙම පනත මගින් ඉටුවන බවත් ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

