දරුවන් ලවා ඌරන් මරවන හැටි


තිස්සමහාරාම බෝගහපැලැස්සේ ඌරු කොටුවකි. ඇරැඹුණේ වසර කිහිපයකට කලිනි. පාලනය ආගමික සංවිධානයකිනි.

කාත් කවුරුත් නැති දරුවෝ මෙම ඌරන් බලා ගැනීමට යොදවනු ලැබ සිටිති. සුනාමියෙන් අසරණ වූ දරුවෝ ද එහි සිටිති.

ඔවුන්ට එකම පිහිට තාත්තාය. තාත්තා යනු ඌරු කොටු හිමියාය. ඔහු අන කළ විට දරුවෝ කැති අමෝරාගෙන ඌරන් සප්සේ දුවති. ඌරොත් මර හඩ තලාගෙන දුවති.

ඒ ඌරන් මරන්නටය. සිව් පැයක් වෙස් වලාගෙන කැලේ සැඟවී සිටිමින් මෙම වීඩියෝව පටිගත කරද්දී ඒ දරුවන් අතින් මැරුණු ඌරන්ගේ ගණන පහකි.

දරුවන් කැලේට වී පිළිස්සුණු ඌරුමස් ගිජු ලෙස කන අවස්ථාවක් ද දැක ගත හැකිය. එහි තේරුම එම දරුවනට ඌරුමස් කන්නට අවසර නොලැබීම විය හැකියි.