දරුවන් රකින්න කසිප්පු පෙරති


ගලේවෙල ප්‍රදේශයේ දෑස් අඳ යුවලක් දරු දෙදෙනා ජීවත් කර වීමට කසිප්පු පෙරති.

දෘෂ්‍යාබාධිතයන්ගේ දිනය වූ අද ඔවුන් දඹුල්ල උසාවියේ නඩුවකට පෙනී සිටීමට අද ආහ.

45 හැවිරිදි පියාගේ ඇස් අන්ධ වී ඇත්තේ 1989 දීය. ඔහුගේ බිරියගේ   (39) ඇසක් අහිමි වී ඇත්තේ කුඩා කාලයේදීය. එක් ඇසක් යාන්තමින් පෙනෙයි.

කළයකින් මත්පැන් බෝතල් හතක් පෙරා විකුණා දරුවන් පාසල් යැවීමට මුදල් සොයා ගැනීම හැර අන් දෙයක් නැතැයි ඔවුහු කියති.

උදව්වක් දෙන්නේ නම් මේ නීති විරෝධි රස්සාවෙන් ඉවත් වන බව ඔවුහු කියති.

ඔවුන්ගේ දුරකතන අංකය 072 39 12 729