(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, ඉන්දිකා රාමනායක සහ ජේ.ඒ.එල් ජයසිංහ))
මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය විද්‍යාලයට සිසුවියන් දෙනෙකු ඇතුළත් කිරීමට ව්‍යාජ ගුරු පුහුණුවක ඇතුලත් කිරීමට ග්‍රාම සේවා සහතික නමයක් සකස් කළේ යැයි කියන ග්‍රාම නිලධාරීවරයෙක් මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ 58 හැවිරිදි වියේ පසුවන වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිලධාරී වරයෙකි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා ඔහුගේ නිල නාමය සහ අධ්‍යාපන අමාත්‍යාංශයෙ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස යොදාගෙන කූඨ ලේඛන සකස් කර මෙම පාසලට දරුවන් විසි නව දෙනකු ඇතුළත් කර ඇති බවට ඒ මහතා මීට පෙර පැමිණිලි කර තිබිණි.
මෙම පැමිණිල්ල අනුව පුළුල් විමර්ශනයක් පැවැත්වීමේදී හෙළි වූ තොරතුරු මත මෙම ග්‍රාම නිලධාරිවරයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.
මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

