දරුවන් ගෙදර එන විට ගේත් නෑ


 කොස්ලන්ද මීරියබැද්දේ මළවුන් සෙවීමේ කාර්ය මහවැසි නිසා අද (29) සන්ධ්‍යාවේ නතර කැරිණි.සහන සේවකයින් පැවසුයේ පෙර පාසලට ගිය දරුවන් ගෙදර එන විට මව්පියන් පමණක් නොව ගෙයද නොදුටු බවයි.එම දරුවන් මව්පියන් ඉල්ලා හඬා වැටුණාහ.ඔවුහු පසුව ගනේෂා  විදුහල් කඳවුරට රැගෙන යනු ලැබුහ.

මීරියකන්දෙන් ගමේ බොහෝදෙනා අද ඉවත් වීමට සුදානමින් සිටි බව  සහන සේවකයෝ පවසති.පෙර දිනයේද  ගමෙන් ඉවත් වන ලෙස දැන් වු බව  දැනගන්නට ඇත.